Rick and Morty S01E07 with Sinhala subtitles

Raising Gazorpazorp මෝර්ටි ජූනියර් සහ ගසෝපසෝර්ප්වරු


මේ පාර කතාව සෙක්ස් රොබෝ කෙනෙක් නිසා වෙන වින්නැහියක් ගැන.
රික් ගියපු කඩේක තියන සෙක්ස් රොබෝ කෙනෙක් මෝර්ටිට ඕනෙ වෙනවා සිහිවටනයක් විදියට... ඔතනින් තමයි කතාව පටන් ගන්නේ. කතාව කියන්න ඕනෙ නෑනෙ. මේ කතාවේ අන්තර්ගතය තමයි පිය සෙනෙහස සහ අනික ෆෙමිනිසම් (ගැහැණු අයටත් පිරිමි අයට වගේම සම තැනක් හිමිවෙන්න ඕනෙ කියන එක)
හරි එහෙනම් කතාව ඔයාලම බලන්න, හොදට තේරුම් අරන් බලන්න ඕනෙ නම් පහළ ලිපිය කියවලා යන්න

Defraculator
අභ්‍යවකාශය හරහා සන්නිවේදනය කරන විද්‍යුත්-චුම්භක තරංගවලට වෙන බාහිර බලපෑම නිසා
ඒවා තුලින් ගමන් කරන දත්ත විකෘති වීමකට ලක්වෙන්න පුලුවන්,
පෘථිවියේදි නම් විද්‍යුත් චුබ්භක තරංගවලට බාහිරින් බලපෑමක්  නෑ, ඒකයි  ඔය රේඩියෝ තරංග FM/SM/VHF/UHF වගේ ඒවා හරි සංඛ්‍යාත්‍යට සුසර කලාම ඒ සංඛ්‍යාත පරාසය තුළ පමණක් පිහිටින තරංග හැඩයට අනුගත වෙලා තොරතුරු හුවමාරු කරන්නේ.
ඒත් ඉතින් මේ පිටසක්වල නේ, මේවයි බාහිර බලපෑම් කරන්න පුලුවන් අලුත් විදි හොයාගෙන තියෙන්න පුලුවන් කියලා හිතමු.
ඉතින් මේ විදියට විකෘති තරංගයක සංඛ්‍යාත නැවත නිවැරදි අණුපිළිවෙලට සකස් කරන්න තමයි defraculator එකක් යොදාගන්නේ.
fraculate කියන්නේ හිතාමතාම තරංග විකෘති කිරීමකට ලක්කිරීම.
මේ දෙක හරියට Encryption - Decryption වගේ, Fraculate - Defraculate

Smidgens 
මේ ඇවිල්ලා අන්තර් අභ්‍යවකාශ මුදල් ඒකකයක්, හරියට පෘථිවියේ ඩොලර් කිව්වම, ඕන රටක බඩු ගන්න පුලුවන්නේ, ඒ වගේ. ඒ කියන්නේ ඩොලර් කිව්වම ඉතින් දන්නැද්ද
ආ තව Solar Opposites එකේ එහෙමත් Korvo මේ ගැන කියනවා. පැලැනට් Shlorp, ඒ කියන්නේ Korvoගෙ ග්‍රහලෝකෙ භාවිතා කරල තියෙන්නත් මේ මුදල් ඒකකයමයි. එයලා ගොඩක් උසස් බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක්. ඒකත් මෙයාලගෙම ටිවී-සීරීස් එකක් තමයි, බලන්න වටිනවා. ඒ ටීවී සීරීස් එක බලල නැත්තම් වැඩිය හිතන්න එපා. 

Multifunctional Quantum Resonator
මේක බහුකාර්ය ක්වන්ටම්  අනුනාදකයක්, මේ කෙනුත් වෙන්නේ තරංගවලින් සන්නිවේදනයක් තමයි. හැබැයි කොවන්ටම් එහෙමත් නැත්තම් ශක්ති පැකට් (කොවන්ටා), ලෙස ගබඩා කරලා තරංග ඔස්සේ සම්ප්‍රේශණය කෙරෙනවා.
අනුනාද වීම මගින් තරංගය පිටකරන නිසා තරංගය සම්ප්‍රේශනය වීමේදි ඇතිවන බාහිර ප්‍රතිරෝදය අඩුයි.
හැබැයි මේකට  defraculator එකකට වගේ තරංග-ප්‍රතිස්තාපනය කරන්න බැහැ.
හරියටම කිව්වොත් මේක Manual,අරක Auto වගේ

Ralph Finnes in Red Dragon
2002 වසරේදි නිකුත් වූ චිත්‍රපටියක් තමයි, මේ Red Dragon කියන්නේ.
මේ කතාව වෙන්නේ ඉතාමත දරුණු සහ සූක්ශම දාම-ඝාතකයෙක් වෙන  Fransis Dolarhydeව අල්ලා ගැනීමේ මෙහෙයුම විශ්‍රාමලත් ඉතා දක්ශ FBI රහස් පරීක්ශක කෙනෙක්වන Will Grahamට පැවරෙනවා.
මොහු තමන්ගේ එකල සිටි පරම හතුරා වන Dr.Hannibal Lecterගෙ උදව් ලබාගන්නවා.
(1991 වසරේදි නිකුත් වූ Silence of the lambs චිත්‍රපටියෙහි ඝාතකයා)
Fransis Dolarhydeට පන පොවන නලුවගේ නම Ralph Finnes.

Delaware
මධ්‍යම-ඇට්ලැන්ටික් සාගරය ආසන්නයේ පිහිටි ඉතා කුඩා ඇමරිකානු දූපතක්,
ඇමරිකාව සතු කුඩාම දූපත්වලින් දෙවනි තැන හිමි වෙන්නේ මේකට. (වර්ග කිලෝමීටර් 5060)

Certain Year Called Wanting Its Blank Back Formula
>"2003 just called and wants its easy target back"
   "2003න් කතාකරලා කිව්වා එයාලගේ ලේසිම ඉලක්කේ ආපහු ඕනෙ කියලා."
>"1995 called, they want... their "certain year called wanting its blank back" formula back"
   "මොකක් හරි අවුරුද්දක නමක් කියලා ඒක ආපහු ඉල්ලන කියමන" ආපහු ඕනෙ කියලා...
මේක ඇවිල්ලා 90s වල ඇමරිකන් ජෝක් එකක්...

Andromeda Galaxy
පෘථිවියට ළගම මණ්දාකිනිය තමයි මේ. මේකට Messier 31/ M31 කියලත් කියනවා. ආලෝක වර්ශ 2.5 ක් ඈතින් තියෙන්නේ. මෙහේ ග්‍රහලෝකයක තමයි ගසෝපසෝප්වරුන් ජීවත් වෙන්නේ. ආ...  ඔය ග්‍රහලෝකේ තියන කොඩිවල තියෙන්නේ රික්ගේ මූන හොදට බලන්න. ඒ කොහොමද කියල නං මං දන්නෑ. ඉස්සරහ කතාවලින් බලාගන්න පුලුවන්...

Ticketmaster
මිනිසුන්ට විවිධ ටිකට්පත් විකිනීමට ඉතා සූක්ශම ක්‍රම දරන සමාගමකි.
මෙන්න ගිහින් බලන්න https://www.ticketmaster.com/

Mojitos
අමුත්තන්ට සංග්‍රහ කරන ඉතාලියානු මොක්ටේල් වර්ගයක්. කාන්තාවන් අතර ප්‍රසිද්ධයි. 

Mark Jacobs
මෙයා gay කෙනෙක්, ඒත් මෙයා ගැහැණු විලාසිතාවලට දක්ශ පට්ටම වැඩ්ඩෙක්. මෙන්න ගිහින් බලන්න, https://www.marcjacobs.com/

Thanks-Giving
ඇමරිකන් සම්ප්‍රදායට ගරුකරන අය එකිනෙකාට ස්තුති කිරීමේ බෝජනසංග්‍රහයක් විදියට හැම අවුරුද්දෙම නොවැම්බර් මාසෙ අන්තිම සතිය තමයි මේ විදියට සමරන්නේ. කැනේඩියන් අය නම් මේක සමරන්නෙ ඔක්තෝම්බර් මාසේ.
ඉංග්‍රීසින් රතුඉන්දියානුවෝ යටත් කරගෙන හිටපු කාලේ තමයි මේක පටන් අරන් තියෙන්නේ, මේ සිර බාරයේ ඉන්න අය මරාදාලා ඒකේ සතුට සමරන්න බෝජනසංග්‍රහයක් විදියට මේක පටන්ගත්තා කියලත් කියනවා.

Pagan Holiday
ජේසු ඉපදුනේ නත්තල් දවසෙ නෙමෙයි, කියලා දැන් තහවුරු වෙලා තියනවා කියල කියනවා. රෝම අධිරාජ්‍යවරයා වන සීසර් විසින් රෝමානුවන්ගේ දෙවියන් නැමදීමට යෙදෙන දිනය (දෙසැ. 25) නත්තල් දිනේ විදියට වෙනස් කරලා කියනවා. ඒක pagan නිවාඩු දිනයක්. ජේසුස් වහන්සේගේ ඇත්තම උපත අගෝ. 21 කියලත් හොයාගෙන තියනවා.

Marmaduke
බ්‍රැඩ් ඇන්ඩර්සන් විසින් රචනාකරන කොමික් සගරාවක් මේක. වින්ස්ලෝ නැමති පවුල සහ ඔවුන්ගේ මහා ඩේන්, මාමඩුක් කියන බල්ලා වටා ගෙතෙන කතාවක් 

*මේ මගේ හතරවන උපසිරැසිය.

>උපසිරැසියක් ගේන්න ගොඩක් කල්යන හේතුව<

මෙහෙමයි තප්පර 2-3 ක ජෝක්එකකට අදාල වටපිටාව හොයල බලන්න ඕනෙ.
ඒ වගේම ඒක විහිලු ගතිය තේරුම් ගන්න ඕනෙ.
twitter, reddit අස්සේ රිංග රිංග ෆෝරම් කියවලා තමයි මේ තේරුම් හොයන්නේ.

මේකේ ගොඩක් ජෝක් 'Sci-Fi'. තේරුම දැනගෙන බලන කෙනාට ආතල් එක වැඩියි.ඒ ඒ ගැජට් ගැන, මූලද්‍රව්‍ය ගැන, ග්‍රහලෝක, විද්‍යා ප්‍රබන්ධ ගැන පුලුල් විදියට හොයන්න ඕනෙ.ඒකට කමක් නෑ ඒකමයි මං මේකට උපසිරැසි ගේන්න හේතුව. ඉතින් ඒවට වෙලාව යනවා.
ගොඩක් අය ඉංග්‍රීසි සබ් එක දාලා බලල බොරුවට හිනාවෙලා යනවා, එච්චරයි එතනින් ඉවරයිඒ දෙබසක තේරුමවත් හොයන්නේ නෑ. Big Bang Theory එහෙම බලන අය ඕක ගැන හොදට දන්නවා.

ඇමරිකන් කෙනෙකුට විතරක් තේරෙන ඒ රටේ ප්‍රරසිද්ධ, අපි අහලවත් නැති දේවල් මේකෙ තියනවා.මේකේ නෙමෙයි ඕනෙම සිට්-කොම් එකක එහෙමයි, Friends එහෙම බලනවනම් දන්නව ඇති නේ. ඉතින් ඒවා වෙනම හොයන්න ඕනෙ. 
සමහර ජෝක් එකක් තේරුම් යන්න වෙන ටීවී-සීරීස් එකක් හෝ ෆිලිම් එකක් බලන තියෙන්න ඕනේ.එහෙම ඉතින් හැම එකම බලන්න බැරි නිසා ඒවයි කතාව හොයලා සාරාංශ කරලා දාන්න ඕනෙ.

ආ තව මේකේ කියන ඉංග්‍රීසි කියනවා නෙමෙයි විදිනවා.තප්පර දෙක තුනට වචන 20-30ක් කියලා, 
ඉතින් ඒවා සිංහල හැරෙව්වම වචන 50-60ක් විතර එනවා,ඉතින් පොඩි වෙලාව ඇතුලත කියවන්න පුලුවන් විදියට කෙටි කරන්න ඕනෙ. 
ඒකරලත් කියවන්න බෑ, අනිවාරෙන්ම pause කරන්නම වෙනවා.

තව මේකෙ තියෙන්නේ ලෝකෙ නැති වචන... වචන පහක දේවල් තනි වචනෙන් කියනවා.මේකටම හදපු අලුත් වචනවලින් කියැවෙන දේවල් තියනවා.ඒවා වෙනම හිතලා ඒකට අදාල සිංහල වචනයක් හදන්න ඕනෙ. 
අඩුපාඩු ගොඩාක් අඩු කරලා තමයි සබ් එක ගේන්නේ, ඒත් අඩුපාඩු තියේ නම් ඉතින් සමාවෙන්න.

ඒකයි ගොඩක් අය සිට්කොම් එකකට සිංහල සබ් දෙන්නේ නැත්තේ, සාමාන්‍ය ෆිලිම් එකකට සබ් හදනවා වගේ නෙමෙයිමේ එක එපියකට බාගෙට මැරෙන්න ඕනෙ.සබ් එක බාලා විනාඩි 20-30න් බලල දැම්මට එතන තියෙන්නේ සති ගානක මහන්සිය.
සරලවම කිව්වොත් පට්ට කට්ටක් කන්නේ.
ඒත් දිගටම මම මේකට සබ් එක දෙනවා... :)
කලින් සබ් එක අරගෙන කමෙන්ට් දාලා ගිය හැමෝටම ස්තූතියි.
ඔයාලා නිසා තමයි ආයේ මේක ගේන්න හිතුවෙ... 
ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා ඕන එකක්, ඔය පහල තියෙන කමෙන්ට් සෙක්ශන් එකේ දාගෙන යන්න... :)

direct download links මෙතනින් ගන්න,
<<< Previous Episode                                                                                                                              Next Episode >>>
--------------------------------------------------------------------------------------------------------------------------
***

Comments

  1. Mcn ithuru ewa danna widihak nadda 🤐😥

    ReplyDelete
  2. සිරා වැඩක් මචං... ඉතුරු ඒ්වත් දාන්න..

    ReplyDelete
  3. Ftta kathava gana dictionary vage hama kotasata dana oya witharai mm ehema dakke digata karagena yamu

    ReplyDelete
  4. Replies
    1. thanks kollo api balan innava anith EP danakan

      Delete
  5. Bro ithuru tikatath sub damu dapu tika supuri👍

    ReplyDelete
  6. bro ep 8 ekatah sub dennako plz plz plz plz........ dan hugak kal idan balan inne eeka denakam. oya vitharai RICK AND MORTY ekata sub denna inne
    :D

    ReplyDelete
  7. ඉතුරු ටිකත් දේන්ඩෝ 🔥❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Rick and Morty S01E04 with Sinhala subtitles

Rick and Morty S01E06 with Sinhala subtitles