Rick and Morty S01E06 with Sinhala subtitles

Rick Potion #9 | ආදර බෙහෙත සහ ක්‍රොනන්බර්ග්ස්



හරි ඉතින් මේ පාර කතාව මෝර්ටිගේ ආදර හුට පට ගැන. ඒත් ඒක අපි හිතන විදියට නෙමෙයි වෙන්නෙ... අපි හැමෝම දන්නවනේ ජෙසිකා, මෝර්ටිගේ ක්‍රශ් එක. මෝර්ටිට මෙයාත් එක්ක නැටුමට යන්න ඕන වෙනවා. හැමදාම රික්ට උදව්කර කර ඉන්න මෝර්ටියට මේක තමයි රික්ගෙන් උදව්වක් ගන්න වෙලාව. 

ඉතින් රික් හදලා දෙනවා පැණියක්ආ... නෑ නෑ ඒ වශියක්. වශී පැණියක්.. මේක දීලා වශී කරගන්න කියලා... එතනින් එහාට කිව්වොත් ඉතින් කතාවෙන් වැඩක් නෑනේ... :)

මේකෙ එන සමහර වචනවල තේරුම ගොඩක් දිගයි. උපසිරස ඇතුලෙ ඒ හැම එකම දාන්න බෑ (උපසිරස ඇතුලෙ තියෙන්නේ සරල අදහස). ඒක නිසා මෙතන මම ඒවා ස්පොයිල් නොවෙන්න විස්තර කරන්නම්, කැමති අය ලිපිය කියවලාම ගිහින් බලන්න...

-----------------------------------------------------------------------------------------------------------------------------

Flu Season Dance

ඇත්තටම වසංගතයක් හැදුනම   නිරෝදායනය වෙනවනේ. ඒත්  මේකේ   ඒකෙ   අනික් පැත්ත. ඇමරිකාවේ   කොලේජ්වලට ගහපු පොඩි හින්ට් එකක්   වගේ තමයි. කතාවට අනුව ඇමරිකාවේ   ප්‍රාන්තවල   කාලෙකට හැදෙන වසංගත උණ ගැන දැනුවත් කරන්න කොලේජ් ඇතුලෙ  තියන ප්‍රෝම් ඩාන්ස් එකක්. 

......................................................................................................................................................................


Ionic Defibulizer

ඔය රික්ගෙ ගාව තියෙන්නෙ ඒක තමයි. මේක හරියට ඇසෙම්බල් කරන්න. ඕනෙ පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් බ්ලාස්ට්.
මේකට පුලුවන් දෙයක් අණුක මට්ටමින් වෙනස් කරන්න.


......................................................................................................................................................................




Oxytocin

මේ තියෙන්නේ ආදර හෝර්මෝනය. ඇත්ත එකක් ඈ. සතුන්ට තම වර්ගයා බෝ කරන්න උදව්වෙන්නෙ මේක. ඒ කොහොමද?
ඒක ටිකක් සංකීර්ණයි. මෙතනත් විස්තර කරන්න අමාරුයි, මෙතනින් ගිහින් කියවලා බලන්න

......................................................................................................................................................................



Cronenberge

වෙනත් අන්තර්විශ්වයක ක්‍රොනන්බර්ග් ලෝකයේ සිටින බිහිසුණු විකෘති ජීවීන් විශේෂයක්. රික් මුන්ව හදන්නේ 
කෝලාවලස් මිශ්‍ර ගැරඩි, චිම්පන්සි, පතොක්, මෝරු,ගෝල්ඩන් රිට්‍ර්ව සහ ඩයිනෝසෝරස්ලගෙන් DNA පොඩ්ඩක් දාපු බෙහෙතකින්.

......................................................................................................................................................................


 
Ernest Hemingway

අර්නස්ට් මිලර් හෙමිංවේ ඇමරිකානු නවකතාකරුවෙක්,   කෙටිකතා රචකයෙක්, මාධ්‍යවේදියෙක් සහ ක්‍රීඩකයෙක්       විය. අයිස් කුට්ටි න්‍යාය ලෙස ඔහු හැඳින්වූ ඔහුගේ ආර්ථික   හා අඩු ශෛලිය 20 වන සියවසේ ප්‍රබන්ධ කෙරෙහි ප්‍රබල   බලපෑමක් ඇති කළ අතර ඔහුගේ වික්‍රමාන්විත ජීවන රටාව   සහ ඔහුගේ පොදු ප්‍රතිරූපය පසුකාලීන පරම්පරාවන්ගේ   ප්‍රසාදය දිනා ගත්තේය. මෙයාගෙ ලිංගික ජීවිතය හා   සම්බ්න්ධ කතාව තමයි අපෙ කතාවට ඕන වෙන්නේ. මේ   පින්තූරෙ මතක තියාගෙන එපිය බලන්න.
......................................................................................................................................................................



*මේ මගේ තුන්වෙනි උපසිරැසිය.

ටිකක් කල්ගියා ගේන්න. අඩුපාඩු තියෙනම් සමාවෙන්න.
කතාවට පුලුවන් උපරිම සාදාරනයක් ඉශ්ට කලා කියලා හිතනවා
කලින් සබ් එක අරගෙන කමෙන්ට් දාලා ගිය හැමෝටම් ස්තූතියි.
ඔයාලා නිසා තමයි ආයේ මේක ගේන්න හිතුවෙ... 

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා ඕන එකක්, ඔය පහල තියෙන කමෙන්ට් සෙක්ශන් එකේ දාගෙන යන්න... :)

direct download links මෙතනින් ගන්න,

Rick and Morty S01E06 



<<< Previous Episode                                                                                                                               Next Episode >>>
--------------------------------------------------------------------------------------------------------------------------
***

Comments

  1. අනික් ටිකත් ඉක්මනට දාමු බොසා

    ReplyDelete
  2. නියමයි
    එකපාරක් බලල ඔයා sub දාල තිබ්බ දැක්කම ආය බැලුව. next season එක 2022 මැදක ඉනකම් ඉන්නේ

    🙂

    ReplyDelete
  3. Tinttech Titanium Watch Band | Tinttech | TitaniumArts
    Tinttech titanium white rocket league Titanium watches are made by Tinttech, which titanium fitness are renowned for titanium earrings hoops producing snow peak titanium premium premium watches. used ford edge titanium

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Rick and Morty S01E04 with Sinhala subtitles

Rick and Morty S01E07 with Sinhala subtitles