Rick and Morty S01E04 with Sinhala subtitles

M. Night Shaym-Aliens! | ඉවරයක් නැති සිමියුලේශන් එකක හිරවෙමුද


Rick and Morty S01E04 Sinhala sub

කව්ද දන්නේ අපි ඉන්නෙ ලොකු simulation එකකද කියලා?
කවුරුත් නෑ මොකද... ඒක නොවෙන්න පුලුවන් සම්භාවිතාව අනන්තයට එකයි.

ඉතින් මේ කොටස ඒක ගොඩක් විස්තර කරයි. අපි නොදන්න ඕන තරම් දේ මේ ලෝකෙ තියනවානේ.
රික් සහ මෝර්ටි මේ පාර මොකක් ද කරන්න යන්නෙ?
අපි බලමු ඒ ගැන...

හරි මෙහෙමයි,  මීට කලින් කොටස් තුන බලපු කෙනෙක් නම් දන්නවා, රික් සහ මෝර්ටි කියන්නේ අමුතුම
වැඩ කරන ඩබලක් කියලා.

බලලා නැත්නම් මෙතනින් බලන්න. (ඒවා සබ් කලේ මම නෙමෙයි)

Rick and Morty S01E01 Sinhala Subtitle
http://gamelokaya122.blogspot.com/2019/12/rick-and-morty-s-01-e-01-sinhala.html

Rick and Morty S01E02 Sinhala Subtitle
http://gamelokaya122.blogspot.com/2019/12/rick-and-morty-s-01-e-02-sinhala.html

Rick and Morty S01E03 Sinhala Subtitle
http://gamelokaya122.blogspot.com/2020/01/rick-and-morty-s-01-e-03-sinhala.html

මේ කතාව පටන් ගන්නේ රික් ගරාජ් එකේ (එයාගේ පිස්සු විද්‍යාගාරේ) වැඩ කර කර ඉන්නකොට
මෝර්ටි වට පිට බලලා, පොඩ්ඩක් පරිසරෙ සිද්දවෙන අමුතු දේවල් ගැන රික්ට කියනවා. ඒත් ඒවා රික් ගනන් ගන්නේ නෑ මොකද රික්, මේ වෙන හැම දෙයක්ම වගේ දන්නවා.

ඉතින් මොර්ටි ඉස්කෝලෙ ගිහින් ඉන්න වෙලාවෙ සර් අහන ප්‍රශ්නවලට දෙන උත්තර ඔක්කොම වැරදියි.
ඒත් ඒවා හරි කියලා පංතියෙ ඉස්සරහට ගෙනල්ලා මෝර්ටිගෙන් අහනවා "concentrated dark matter"
ඒ කිව්වේ "විශ්වය හරහා ගමන්කල හැකි ඉන්දනයක්" ගැන. මෝර්ටියා උඩ බිම බලන්වා. එතකොට රික් මේ ගැන කියන්නෙ මෙහෙමයි....

"ඒක ඉන්ධනයක් අවකාශය හරහා ගමන් ගන්න පුලුවන් වෙන කාටත් වඩා  වේගයෙන්"

සරලවම කිව්වොත් රික්ගෙ portal gun එකේ වෙන්නේ මේ දේ.


ඉතින් මේ රහස දැන ගන්න ඕන නිසා තමයි zigerionsලා simulation එකක් ඇතුලට මේ අයව දාලා තියෙන්නේ.
වැඩේ කියන්නේ මේකට ජෙරී ස්මිත් ඒකියන්නේ මෝර්ටිගෙ තාත්තා / රික්ගෙ බෑනාත් කොහොම හරි ඇවිත් තියන නිසා එයාවත් මේක ඇතුලටම දාලා තියෙන්නේ. ඒත් එයාට ඒක තේරෙන්නෑ.


මේ කතාව පුරාම දුවන්නෙ zigerionsලා simulation එකෙන් දාන වැඩකිඩ වලින් අපේ රික් ගන්න ආතල් එක ගැන. කතාව අන්තිම වෙනකන්ම එක හුස්මට බලන්න පුලුවන් එකක්.
කතාව අන්තිමට හරි පුදුම දෙයකුත් වෙනවා... ඒ කුතුහලේ තියාගෙන බලන්න,

 ඉතින් මේ රහස මේ අය දැනගනීවිද?
 රික් කියන්නෙ ඇත්තටම සුපිරි බුද්දිමතෙක්ද?
 අපි ඉන්නෙත් simulation එකක් ඇතුලෙද?

මේ ඔක්කොම දැනගන්න කතාව බලන්න.

*මේ මගේ පලවෙනි උපසිරැසිය. අඩුපාඩු තියෙනම් සමාවෙන්න.
කතාවට පුලුවන් උපරිම සාදාරනයක් ඉශ්ට කලා කියලා හිතනවා.

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා ඕන එකක්, ඔය පහල තියෙන කමෙන්ට් සෙක්ශන් එකේ දාගෙන යන්න... :)


direct download links මෙතනින් ගන්න,

Rick and Morty S01E04 



--------------------------------------------------------------------------------------------------------------------------
***

Comments

  1. අනිත්වත් දාන්න බ්‍රෝ .බයිදවේ තෑන්ක්ස් 🙏

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Rick and Morty S01E07 with Sinhala subtitles

Rick and Morty S01E06 with Sinhala subtitles