Posts

NOTICE

Image
Dear Visitors, Rick & Morty Season 6 is comming soon, hope you guys catch the show. But sadly, due to my busy schedule, I realy couldn't update the subtitles often and I'm sorry for that. Even though, don't worry all the subs for Rick & Morty (including season 6) will be released by the end of this year. So stay tuned...  And a Get Schwifty :)

Rick and Morty S01E07 with Sinhala subtitles

Image
Raising Gazorpazorp   |  මෝර්ටි ජූනියර් සහ ගසෝපසෝර්ප්වරු මේ පාර කතාව සෙක්ස් රොබෝ කෙනෙක් නිසා වෙන වින්නැහියක් ගැන. රික් ගියපු කඩේක තියන සෙක්ස් රොබෝ කෙනෙක් මෝර්ටිට ඕනෙ වෙනවා සිහිවටනයක් විදියට... ඔතනින් තමයි කතාව පටන් ගන්නේ. කතාව කියන්න ඕනෙ නෑනෙ. මේ කතාවේ අන්තර්ගතය තමයි පිය සෙනෙහස සහ අනික ෆෙමිනිසම් (ගැහැණු අයටත් පිරිමි අයට වගේම සම තැනක් හිමිවෙන්න ඕනෙ කියන එක) හරි එහෙනම් කතාව ඔයාලම බලන්න, හොදට තේරුම් අරන් බලන්න ඕනෙ නම් පහළ ලිපිය කියවලා යන්න Defraculator අභ්‍යවකාශය හරහා සන්නිවේදනය කරන විද්‍යුත්-චුම්භක තරංගවලට වෙන බාහිර බලපෑම නිසා ඒවා තුලින් ගමන් කරන දත්ත විකෘති වීමකට ලක්වෙන්න පුලුවන්, පෘථිවියේදි නම් විද්‍යුත් චුබ්භක තරංගවලට බාහිරින් බලපෑමක්  නෑ, ඒකයි  ඔය රේඩියෝ තරංග FM/SM/VHF/UHF  වගේ ඒවා හරි සංඛ්‍යාත්‍යට සුසර කලාම ඒ සංඛ්‍යාත පරාසය තුළ පමණක් පිහිටින තරංග හැඩයට අනුගත වෙලා තොරතුරු හුවමාරු කරන්නේ. ඒත් ඉතින් මේ පිටසක්වල නේ, මේවයි බාහිර බලපෑම් කරන්න පුලුවන් අලුත් විදි හොයාගෙන තියෙන්න පුලුවන් කියලා හිතමු. ඉතින් මේ විදියට විකෘති තරංගයක සංඛ්‍යාත නැවත නිවැරදි අණුපිළිවෙලට සකස් කරන්න තමයි defraculator

Rick and Morty S01E06 with Sinhala subtitles

Image
Rick Potion #9  | ආදර බෙහෙත සහ  ක්‍රොනන්බර්ග්ස් හරි ඉතින් මේ පාර කතාව මෝර්ටිගේ ආදර හුට පට ගැන. ඒත් ඒක අපි හිතන විදියට නෙමෙයි වෙන්නෙ... අපි හැමෝම දන්නවනේ ජෙසිකා, මෝර්ටිගේ ක්‍රශ් එක. මෝර්ටිට මෙයාත් එක්ක නැටුමට යන්න ඕන වෙනවා.  හැමදාම රික්ට උදව්කර කර ඉන්න මෝර්ටියට මේක තමයි රික්ගෙන් උදව්වක් ගන්න වෙලාව.   ඉතින් රික් හදලා දෙනවා පැණියක් ,  ආ... නෑ නෑ ඒ වශියක්. වශී පැණියක්.. මේක දීලා වශී කරගන්න කියලා... එතනින් එහාට කිව්වොත් ඉතින් කතාවෙන් වැඩක් නෑනේ... :) මේකෙ එන සමහර වචනවල තේරුම ගොඩක් දිගයි. උපසිරස ඇතුලෙ ඒ හැම එකම දාන්න බෑ   (උපසිරස ඇතුලෙ තියෙන්නේ සරල අදහස) . ඒක නිසා මෙතන මම ඒවා ස්පොයිල් නොවෙන්න විස්තර කරන්නම්, කැමති අය ලිපිය කියවලාම ගිහින් බලන්න... ----------------------------------------------------------------------------------------------------------------------------- Flu Season Dance ඇත්තටම වසංගතයක් හැදුනම   නිරෝදායනය වෙනවනේ. ඒත්  මේකේ   ඒකෙ   අනික් පැත්ත. ඇමරිකාවේ   කොලේජ්වලට ගහපු පොඩි හින්ට් එකක්   වගේ තමයි. කතාවට අනුව ඇමරිකාවේ   ප්‍රාන්තවල   කාලෙකට හැදෙන වසංගත උණ ගැන දැනුවත් කරන්න කොලේ

Rick and Morty S01E05 with Sinhala subtitles

Image
Meeseeks and Destroy  | හලෝ මගේ නම  මීසීක්ස්..! හෝව්...හෝව්...  කලින් කොටස් 4ත් බලලම එන්න... මේ පාර කතාවම කියන්න යන්නෙ නෑ කොහොම උනත් මේ පාර නම් පටන් ගන්නේ මෝර්ටියට මල පැනපු සීන් එකකින්... ඉතින් මෝර්ටිට ඕන වෙනවා හැමදාම රික්ගෙ පිස්සු වැඩ වලට උදව් කරකර ඉන්න එක නවත්තලා එයාගෙම ඇඩ්වෙන්චර් එකක් කරන්න යන්න. මේ අතරතුරේ මෝර්ටිගෙ පවුලෙ අයට තියනවනේ සාමාන්‍ය ජීවිතේ එන ප්‍රශ්න. (හරියට අපිට එනවා වගේ) ඉස්කෝලෙ ගෙදර වැඩ කරනවා වගේ, බෝත්ලේක මූඩියක් අරිනවා වගේ සරල දේටත් මේ ගොල්ලො රික්ගෙ ගැජට්වලින් උදව් ගන්න පුරුදු වෙලා හිටියා. මෙදා පාර රික් මේ වදෙන් බේරෙන්නත් එක්ක හිතලා එයා ගාව තියන මීසීක්ස් පෙට්ටියක් දෙනවා. ඉතින් මොකද්ද මේ මීසීක්ස් පෙට්ටිය? රික්ගෙන්ම අහන්න,   "මේ තියෙන්නේ මීසීක්ස් පෙට්ටියක්    ඉන්න ඒක වැඩ කරන් හැටි මන්  පෙන්නනම්.    නිකන්, මේ උඩ නිල් පාට බොත්තම ඔබන්න." මං තමයි Mr. Meeseeks! මගේ දිහාබලන්න! කරවගන්න ඕන දේ කියන්න. Meeseeks ඔයාලගෙ ඉල්ලීම ඉටු කරාවි ඔයාලට ඕන දේ කරවගන්න... ඊටපස්සෙ එයා නැ ති වෙනවා . " සරල දේවල් විතරක් ඉල්ලන්න..! උන් දෙයියො නෙමෙ

Rick and Morty S01E04 with Sinhala subtitles

Image
M. Night Shaym-Aliens! |  ඉවරයක් නැති සිමියුලේශන් එකක හිරවෙමුද කව්ද දන්නේ අපි ඉන්නෙ ලොකු simulation එකකද කියලා? කවුරුත් නෑ මොකද... ඒක නොවෙන්න පුලුවන් සම්භාවිතාව අනන්තයට එකයි. ඉතින් මේ කොටස ඒක ගොඩක් විස්තර කරයි. අපි නොදන්න ඕන තරම් දේ මේ ලෝකෙ තියනවානේ. රික් සහ මෝර්ටි මේ පාර මොකක් ද කරන්න යන්නෙ? අපි බලමු ඒ ගැන... හරි මෙහෙමයි,  මීට කලින් කොටස් තුන බලපු කෙනෙක් නම් දන්නවා, රික් සහ මෝර්ටි කියන්නේ අමුතුම වැඩ කරන ඩබලක් කියලා. බලලා නැත්නම් මෙතනින් බලන්න. (ඒවා සබ් කලේ මම නෙමෙයි) Rick and Morty S01E01 Sinhala Subtitle http://gamelokaya122.blogspot.com/2019/12/rick-and-morty-s-01-e-01-sinhala.html Rick and Morty S01E02 Sinhala Subtitle http://gamelokaya122.blogspot.com/2019/12/rick-and-morty-s-01-e-02-sinhala.html Rick and Morty S01E03 Sinhala Subtitle http://gamelokaya122.blogspot.com/2020/01/rick-and-morty-s-01-e-03-sinhala.html මේ කතාව පටන් ගන්නේ රික් ගරාජ් එකේ (එයාගේ පිස්සු විද්‍යාගාරේ) වැඩ කර කර ඉන්නකොට මෝර්ටි වට පිට බලලා, පොඩ්ඩක් පරිසරෙ සිද්දවෙන අමුතු දේවල් ග